හාර කෝටි හැටහතර ලක්ෂයක කුෂ් කටුනායකින් අල්ලයි


හාර කෝටි හැට හතර ලක්ෂ විසි දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 02/06 දින උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු කොළඹ - 13 ප්‍රදේශයේ පදිංචි , නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු වල නිරත වන 28 හැවිරිදි අයෙකි .

මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , අබුඩාබි නුවර වෙත පැමිණ , එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් 02/06 දින උදෑසන 08.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 642 ක ප්‍රමාණය , පැකැට් 04 ක් ලෙස සකස් කර  සගවා ගෙන තිබුණි .

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා 02/06 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමට නියමිතය .



Recommended Articles