හානිකර කාබනික පොහොර ආනයනය නොකරන බවට සහතිකයක්


මෙරට ජෛව විවිධත්වයට හා පසට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

රට තුළට කාබනික පොහොර තොග ගොඩබෑමට අවසර ලබාදෙනු ලබන්නේ එම පොහොර සාම්පල වරක් නොව දෙවරක් පරික්ෂා කිරීමෙන් අනතුරුව බව ඒ මහතා සඳහන් කළේය.

මහනුවර, පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ඒ බව පැවසීය.

 



Recommended Articles