හවස දුම්රිය දුවන්නේ මෙහෙමයි


දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වීම නිසා අද (15දා) පස්වරුවේදී දුම්රිය ගමන්වාර 9 ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ප්‍රධාන සහ උතුරු මාර්ගයේ දුම්රිය 4 ක්, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය 2 ක බැගින් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රියක් ලෙස එම දුම්රිය ධාවනය වෙයි.

මේ අනුව කොළඹ කොටුවෙන් පස්වරු 2.25ට රඹුක්කන, පස්වරු 4.40 ට ගනේවත්ත, පස්වරු 5.10ට මහනුවර,  සහ පස්වරු 6.00ට මහව දක්වා ප්‍රධාන මාර්ගයේ එම දුම්රිය පිටත්වීමට නියමිතය.

වෙරළබඩ මාර්ගයේ මරදානේ සිට පස්වරු 5.00 ට බෙලිඅත්ත දක්වා දුම්රියක් සහ පස්වරු 5.25 ට ගාල්ල දක්වා දුම්රියක් ධාවනය කරවීමට නියමිතය.

එසේම පුත්තලම මාර්ගයේ කොළඹ කොටුවේ සිට පස්වරු 4.30 ට සහ 5.30 ට හලාවත දක්වා දුම්රිය දෙකක් හා කැලණිවැලි මාර්ගයේ පස්වරු 5.00 ට අවිස්සාවේල්ල දක්වා දුම්රියක් ධාවනය කරවීමට නියමිතය.

  



Recommended Articles