ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී වෙඩි තැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කිරීමට සූදානම් බව සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවෙ අද (28) පැවසීය.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එක් සැකකරුවෙකු එසේ පැවසීය.
සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගත් රුවන් තුසිත, මොහොමඩ් සස්නි සහ මොහොමඩ් සෆ්රා නමැති සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
පැමිණිල්ල වෙනවෙන පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළ යුතු හෙයින් ඔවුන් රඳවානෙ ප්‍රශ්න කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියහ.
සිද්ධියට අදාළව පොලිසිය විසින් මීට පෙර අවස්ථාවක රක්ෂිත බන්ධනාගාර ගතකළ සමිත මණ්ඩාර, බොහොමඩ් පාරිස් හා සුරංගි උදේශිකා නමැත්තන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරය අධිකාරීවරයාට නියෝග කළේය.