හර්ෂ ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් රජයේ මුදල් කාරක සභාවට නම්කරයි


රජයේ මුදල් කාරක සභාව සඳහා පත්කෙරුණු මන්ත්‍රීවරුන් දස දෙනෙකුගේ නම් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

රවුෆ් හකීම්, විජිත හේරත්, පාඨලි  චම්පික රණවක,චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, හර්ෂ ද සිල්වා,එම්.ඒ සුමන්තිරන්,හේෂා විතානගේ,මයන්ත දිසානායක  සහ හර්ෂණ රාජකරුණා යන විපක්ෂයේ මන්ත්‍රිවරුන් මෙසේ නම්කර තිබේ.

මෙම කාරක සභාව සඳහා පත්කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නම් මීට ඉහතදී නිවේදනය කෙරිණි. පසුගිය වර මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ පාර්ලමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්ව මහතායි.

 



Recommended Articles