හයිලන්ඩ් කිරිපිටි මිලත් ඉහළට


හයිලන්ඩ් කිරිපිටි මිලද ඉහළ දැමීමට තීරණය කළ බව මිල්කෝ සමාගමේ සභාපතිවරයා පවසා සිටියි.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 470 ක්.

කිලෝග්‍රෑම් 01 ක පැකට්ටුවක මිල රුපියල් 225 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,170 ක් බව මිල්කෝ සමාගම සඳහන් කර සිටියි.



Recommended Articles