හයිටි ජනපතිට වෙඩි තබා ඝාතනය කරයි


ආයුධ සන්නද්ධ පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් හයිටියේ ජනපති ජීවතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ජොවෙනෙල් මොයිස් ජනපති නිල නිවසේ රැඳී සිටින විට එරට වේලාවෙන් අද අලුයම එල්ල වූ වෙඩි පහරින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ බිරිඳ බරපතල ලෙස තුවාල ලබා තිබේ.

ප්‍රහාරයට පැමිණි පිරිස හඳුනාගෙන නොමැති බවත් ඔවුන් ඉංග්‍රීසි හා ස්පාඤ්ඤ භාෂාවෙන් කථා කර ඇති බවත් එරට අන්තර්වාර අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.



Recommended Articles