හමුදා වෙඩි ප්‍රහාරයෙන් මිය ගියේ කොස්ගොඩ තාරකගේ ගෝලයෙක්


වෑන් රථයක් කොල්ලකා පළා යමින් සිටි පිරිසකට යුද හමුදාව සිදුකළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ කොස්ගොඩ තාරක නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මියගිය සැකකරු අවුරුදු 47ක් වන කෝදාගොඩගේ ප්‍රියන්ත නොහොත් ඔටුවා නැමැත්තෙකි.  සැකකරු මිරිහාන ප්‍රදේශයේ බැංකු කොල්ලයකටද සම්බන්ධ වී ඇති බවට පොලීස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙම වෑන් රථය නැවැත්වීමට උත්සාහ කළ යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුද හප්පා ගිය බවත් ඔවුන් රෝහල් ගත කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

 



Recommended Articles