හමුදා පා පහර ගැන පරීක්ෂණයක්


කුරුණෑගල යක්ගහපිටිය ප්‍රදේශයේ අයි. ඕ. සී. ඉන්ධන පිරවුම් හල තුලදී එහි සිටි යුද හමුදා නිලධාරියකු විසින් පුද්ගලයකුට පා පහරක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව සඳහන් කරයි.

අදාළ යුද හමුදා නිලධාරියා විසින් පුද්ගලයකුට  පා පහරක් එල්ල කරන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවවල සංසරණය වෙයි.

මෙම ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් බලා සිටියදි පහර දීම සිදුවන අයුරු එම වීඩියෝවේ දක්නට ලැබේ.



Recommended Articles