හමුදා ට්‍රක් රථයක් පෙරළි සෙබළු දෙදෙනෙකු මරුට


මඩකලපුව චෙන්කලාඩි කළු පාලමේ දී යුද හමුදා ට්‍රක් රථයක් පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.

අද (24) පස්වරු 4ට පමණ සිදුවූ එම අනතුරෙන් යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු මියගොස් තවත් සෙබළුන් 4ක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

එම සෙබළුන් වාකරේ යුද හමුදා කඳවුරේ රාජකාරී කළ පිරිසකි.

 



Recommended Articles