කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළදී අද (25දා) දහවල් යුද හමුදා ට්‍රක්රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සෙබලුන් 5 මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළ පිහිටි යුද හමුදා රෝහලේ සිට සෙබලුන් 7 දෙනෙකු රැගත් ට්‍රක් රථය කිලිනොච්චිය නගරය දෙසට ගමන්කොට ඇති අතර එහිදී දුම්රිය ස්ථානය අසළ පිහිටි 55 මංසන්ධිය අසළ දුම්රිය හරස් මාර්ගයේදී ට්‍රක් රථය ධාවනය කරන අවස්ථාවේදී කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමි දුම්රියේ ගැටී ඇති බව පොලීසිය පවසයි.
ට්‍රක්රථය දුම්රියේ ගැටීමෙන් එහි ගමන්ගත් සෙබලුන් සිව් දෙනෙකු එම ස්ථානයේම මිය ගොස් සිටි බවත් බරපතල තුවාල ලබා සිටි තවත් යුද හමුදා සෙබලුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු තවත් සෙබෙලෙකු මිය ගොස් අති බවත් පොලීසිය පවසයි.
අනෙක් සෙබලුන් දෙදෙනාගේ තත්වයද බරපතල බවට රෝහල් බලධාරීන් පැවසූහ. යුද හමුදා ට්‍රක්රථයේ රියදුරු දුම්රිය නොදැකීම නිසා මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරට මුහුණදුන් සෙබලුන් කිලිනොච්චිය යුද හමුදා රෝහලේ රාජකාරි නිරත සෙබලුන් බවට හඳුනාගෙන ඇති බවත් වැඩිදුර පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය පැවසීය.