හම්බන්තොටට අනිද්දා ජල සැපයුම අත්හිටුවයි


හම්බන්තොට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අනිද්දා ( 07 වැනිදා ) පෙරවරු 09 සිට පස්වරු 09 දක්වා පැය 12 ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි .

එසේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ හම්බන්තොට උතුර හම්බන්තොට දකුණ හා සිරිබෝපුර ග්‍රාම  නිලධාරී වසම එම මණ්ඩලය පවසයි .

හම්බන්තොට ජල සම්පාදන ක්‍රමය හදිසි වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් එසේ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි .

 



Recommended Articles