හම්බන්තොට වරායේ ව්‍යාපෘති 15කට ගිවිසුම් අත්සන් කරයි


හම්බන්තොට වරායේ ව්‍යාපෘති 15ක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීම සිදුවූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

චීන, මාලදිවයින්, සිංගප්පූරු හා ශ්‍රී ලංකාවේ සමාගම් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර තිබේ.

ඊයේ (23දා) මෙසේ ගිවිසුම් අත්සන් කළ ව්‍යාපෘති අතර වරාය, ප්‍රවාහන, ගබඩා පහසුකම්, තීරුබදු රහිත සාප්පු, තෙල් අලෙවි කිරීම, ඉදිකිරීම්, යාත්‍රා නිශ්පාදන ව්‍යාපෘති වූ බවද තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම වෙනුවෙන් වූ විශ්වාසය නැවතත් ජාත්‍යන්තර තුළ වර්ධනය වෙමින් පවතින බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි. 

 



Recommended Articles