හම්බන්තොට නාම යෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේපයි


හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණයේ ඉදිරිපත් වූ නාම යෝජනා අතුරින් නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂෙප වූ බව දිස්ත්‍රික් තෙරීම්භාර නිළධාරී එච්.පී සුමණසේකර මහතා පවසා සිටි. ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය සභාව සඳහා ජන සෙත පෙරමුණේ නාම යෝජනා පත්‍රය හා කටුවන ප්‍රාදේශිය සභාවට ස්වාධීන කණ්ඩයමක් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍ර මෙලෙස ප්‍රතික්ෂේප වි ඇති බවද හෙතෙම සඳහන් කලේය.

හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 72 ක් හා ස්වාධින කණ්ඩායම් 15 ක් නාමයෝජනා භාර දුන් අතර ජනසෙත පෙරමුණ ලුණුගම්වෙහෙර ප්‍රා දේශිය සභාවට ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රය හා කටුවන ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කර තිබූ ස්වාධින කණ්ඩායම ප්‍රතික්ෂේප වීම මත, පිළිගත් දේශපාලන පක්ෂ 71 ක් සහ ස්වාධින කණ්ඩායම් 14 සමඟ කණ්ඩායම් 85 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන මැතිවරණයට සුදුසුකම් ලබා ඇති බව තේරීම්භාර නිළධාරී එච්. පී සුමණසේකර මහතා කීය.

එක්සත් ජාතික පක්ෂය සබා 11 කට, පොදුජන පෙරමුණ සභා 11 කට, සමගි ජනබල වේගය සභා 12 කට, ජාතික ජනබලවේගය සභා 12 කට, ජනසෙත පෙරමුණ සභා 03 කට,පෙරටුගාමී සමාජවාදී පක්ෂය සභා 05 කට, ජාතික ප්‍රජාත්නත්‍රවාදී පක්ෂය සභා 01 කට නිදහස්  ජනතා පෙරමුණ සභා 10 කට, එක්සත් ජාතික නිදහස් පෙරමුණ සභා 01 කට , ලංකා සමසමාජපක්ෂය සභා 01 කට, සහ ස්වාධීන කණ්ඩායම් 14  වශයෙන් කණ්ඩායම් 85 ක් සුදුසුකම් ලබා ඇත. 

 



Recommended Articles