හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තවත් 43කගේ පීසීආර් සාම්පල ලබාගනී


හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 43 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද (21) තංගල්ල කොටුගොඩැල්ල ක්‍රීඩාංගණයේදී සිදුකෙරිණි.

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටි තංගල්ල, බෙලිඅත්ත, කඳුරුපොකුණ සහ වීරකැටිය යන ප්‍රදේශවල 43 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම මෙලෙස සිදුකෙරිණි.

වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත ජයසිංහ, තංගල්ල සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතාගේ මූලිකත්වයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින්ගේ සහයෝගයෙන් මෙම සාම්පල ලබා ගැනීම සිදුකෙරිණි.

අනිෂා මානගේ 



Recommended Articles