හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි ගැටළු පවතින ප්‍රදේශයන්හි ජනජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීමත් වන අලින්ගේ ජිවිත ආරක්ෂා කාර ගැනීමත් පදනම් කරගනිමින් නොවැම්බර් මස 02 දින සිට ආරම්භ කිරීමට නියමිත විශේෂ වන අලි මෙහෙයුම සම්බන්ධයෙන් ස්ථාන හඳුනාගැනීම සදහා ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාව හා වනජීවී නිලධාරීන් සමඟ විශේෂ සාකච්චාවක් අද (30) දින සූරියවැව අන්දරවැව ධර්මදුත ආශ්‍රමදී සිදු කෙරුනුනා.
වන අලි උවදුර දැඩි ලෙස පවතින් ප්‍රදේශයන් වන අන්දරවැව, අරවන මුල්ල, රිදියගම, ලියන්ගස්තොට, බැරගම, හම්බන්තොට ඇතුළු ප්‍රදේශයන්හි සිටින වන අලින් වන අලිකලමනකරන රක්ෂිතයේ විදුලි වැටෙන් ඇතුලට රැගෙන ඒමට මෙම මෙහෙයුම මගින් සැලසුම්කර තිබේ.
මෙම මෙහෙයුම සඳහා වනජීවී නිලධාරීන්,ගුවන් හමුදා නිලධාරීන් ,පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ඇතුළු නිලධාරීන් 200කට ආසන්න ප්‍රමාණයක් හා ප්‍රදේශයේ ජනතාවගේද සහයෝගයෙන් සිදුකරිමට නියමිත වේ.

