හම්බන්තොට කසළ කළමනාකරණ ව්‍යාපෘතියට ජනපති මසක් දෙයි


හම්බන්තොට නගර සභාවට අයත් කොම්පොස්ට් අංගණයේ පිහිටි ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

හම්බන්තොට නගරයේ කැළි කසළ ගැටලුවට විසඳුම් ලෙස දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 50ක් කොම්පොස්ට් බවට පත්කළ හැකි මෙම ව්‍යාපෘතිය ජයිකා ආධාර යටතේ ආරම්භ කෙරිණි.

ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතුමා අදාළ නිලධාරින්ට සහ කොන්ත්‍රාත් සමාගම් වෙත උපදෙස් දුන්නේ ඉදිකිරීම් කඩිනම් කර මසක් ඇතුළත එහි මෙහෙයුම් ආරම්භ කරන ලෙසයි.

ජනාධිපතිතුමා හදිසියේම මෙම චාරිකාවට එක්වූ අතර හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මිට එක්ව සිටියහ.

 



Recommended Articles