හදිසි හා අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම කෙටි කලකට පමා කරයි


හදිසි සහ අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත කෙටි කාලයකට කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් බලධාරීන්ට උපදෙස්දී ඇතැයි වාර්තා වෙයි.

රෝහල්වල පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය සැලකිල්ලට ගෙන මෙම තිරණය ගෙන තිබේ. 

කෙසේ වෙතත් රජයේ රෝහල්වලදී සිදුකරන අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කිරීමටද අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබේ.

 



Recommended Articles