හදිසි නීතිය ඉවත් කරන්න - BASL


රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම රටේ වත්මන් ගැටලුවලට විසඳුමක් නොවන බවයි.

සාමකාමීව රැස්වී අදහස් ප්‍රකාශ කිරිමට ජනතාවට අයිතියක් ඇති බවද එම සංගමය දන්වා සිටියි.



Recommended Articles