හදිසි අවස්ථා තත්ත්වයක් යනු කුමක්ද?


රට තුළ ක්‍රමයෙන් වර්ධනය වන නොසන්සුන්තාව හේතුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ප්‍රසිද්ධ පෙළපාලි, රැස්වීම් පැවැත්වීමට තහනම් කිරීමට ජනපතිවරයාට හැකියාව පවතී. නමුත් එම නියෝගයෙන්ම හෝ පසුව නිකුත් කරන නියෝගයක් මගින් ඊට ව්‍යාතිරේකයන් එකතු කිරීමට ජනතාවට හැකියාවක් පවතී.

මහජන සාමය අවුල් කිරීමට හෝ අසහනකාරී තත්ත්වයක් ප්‍රවර්ධනය කිරීමට ඉඩ ඇතැයි තමාට හැගී යන විටකදී යම් පෙළපාලි හෝ රැස්වීම් තහනම් කිරීමට නියෝග කිරීමට ජනපතිවරයාට අවස්ථාව තිබේ.

මීට අමතරව යම් ප්‍රසිද්ධ මාර්ගයක, දුම්රිය මාර්ගයක, විනෝද උයනක හෝ යම් වෙනත් පිට්ටනිකය හෝ නිශ්චිත කොට දක්වන වෙනත් ගොඩනැගිල්ලක හෝ පරිශ්‍රයක මිනිසුන් ගැවසිය යුතු නැතියි නියෝග කරමින් ඇඳිරි නීති නියෝග නිකුත් කිරීමටද ජනපතිවරයාට හැකිය.

පහතින් දැක්වෙන්නේ මේ හදසි අවස්ථා තත්ත්වයකදී කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව විග්‍රහයකි.



Recommended Articles