හත්වන නාවික හමුදාපති බැසිල් සමුගනියි


ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ  නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර, අද දින (2024 පෙබරවාරි 17) අභාවප්‍රාප්ත විය.  

1951 වර්ෂයේ ජූලි මස 23 වන දින රාජකීය ලංකා නාවික හමුදාවේ උප ලුතිනන් වරයෙක් ලෙස අධිකාරියට පත්ව ඇති අද්මිරාල් බැසිල් ගුණසේකර, 1973  ජුනි මස 01 වන දින සිට 1979 මැයි මස 31 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති ලෙස කටයුතු කර ඇත.

1929 වර්ෂයේ දී උපත ලබා ඇති දැයෙන් සමුගත් අද්මිරාල් බැසිල් ගුණසේකර ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා 2024 පෙබරවාරි මස 18 වන දින දක්වා  අංක 50/06, අනුලා මාවත, කොළඹ 06 පිහිටි නිවසේ තැම්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ නාවික හමුදා ගෞරව හා උත්තමාචාර සහිතව 2024 පෙබරවාරි මස 18 වන දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.

 



Recommended Articles