හත්කොටි පනස් ලක්ෂයක කුෂ් කටුනායකින් පන්නන්න බැරිවෙයි


රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වන " රක්ත මාවත " ( Red Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු 05/21 දින පස්වරුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ළින්ම කොළඹ - 02 ප්‍රදේශයේ පදිංච් 57 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් රේගු නිලධාරීන් විසින් අත අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව, ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම කල්ලියේ අනෙකුත් සාමාජිකයන් තිදෙනා හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සමත් වී තිබුණි .

ඔවුන් අතර කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැමියා සමග සිටි 42 හැවිරිදි බිරිද මෙන්ම , කොළඹ - 15 ප්‍රදේශයේ පදිංච් ව්‍යාපාරිකයෙකු ද අත් අඩංගුවට ගෙන සිටියහ .

මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන , ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ , එතැන් සිට 05/21 දින පස්වරු 08.51 ට  ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. - 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

තායිලන්තයේ මේ වනවිට මෙම මත්ද්‍රව්‍ය විවෘත වෙළෙදපොළ තුල පහසුවෙන් මිළදී ගත හැකි හෙයින් , එරට සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත  පැමිණෙන ගුවන් මගීන් දැඩි පරීක්ෂාවකට ලක් කරන අතර , එම අවධානමෙන් මිදීම සදහා මොවුන් ඉන්දියාවේ බැංගලෝර් වෙත පැමිණ මෙරටට පැමිණ තිබුණි .

ඔවුන් විසින් ගෙන ආ ගමන් මලු  , එහි ඇති සියලුම භාණ්ඩ ඉවත් කළ ද , පහසුවෙන් හදුනා ගත නොහැකි වන සේ , ඉතා සූක්ෂම ලෙස සකස් කළ ව්‍යාජ පතුල් තුළ මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන තිබූ බව රේගු නිලධාරීන් පැවසූහ .

ඔවුන් විසින් රැගෙන විත් තිබූ මෙවැනි ගමන් මලු 04 ක් තුළ "කුෂ් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් සගවා ගෙන තිබී , රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් පිරිස සමග මෙම මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .



Recommended Articles