නුවරඑළිය සිට බදුල්ල දක්වා ධාවනය වු සහල් රැගත් ලොරි රථයක් නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදි අඩි 50 ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඊයේ (05දා) පස්වරුවේ ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානයට පහළින් පිහිටි මහ වංගුව අසන්න ප්‍රදේශයේදිය.
පොළොන්නරුවේ සිට නුවරඑළිය වැලිමඩ බදුල්ල යන ප්‍රදේශ වල පිහිටි තොග හා සිල්ලර වෙළඳසැල් වලට සහල් ප්‍රවාහනය සඳහා ධාවනය කරමින් තිබියදි අධික බැවුමක් සහිත ප්‍රදේශයේදි ලොරි රථය ප්‍රධාන මාර්ගයෙන් ලිස්සා අඩි 50 ක් පමණ බෑවුමකට පෙරලී ගොස් ඇති බවයි රථ වාහන පොලිස් නිලධාරින් කියා සිටියේ.
ලොරි රථය පෙරලිමෙන් නිවසකට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, ලොරි රථය නිවසට පෙරලෙන අවස්තාවේ නිවස තුල කිසිවෙකු සිට නොමැති නිසා විශාල අනතුරක් සිදු විම වැලකි ගොස් ඇති බවයි පොලිසිය පැවසීය.
මිට ප්‍රථමද අවස්තා කිහිපයකදි එම මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක් අනතුරට පත් වි ඇති බවත්, එම මාර්ගයේ රථ වාහන ධාවනයට වේග සිමාවන් පනවන ලෙසයි හග්ගල ප්‍රදේශවාසින් ඉල්ලා සිටින්නේ.
අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්, ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවද අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් සැක පළකරයි.