ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ද්‍රවිඩ ප්රජාතන්ත්රවාදී සන්ධානය එක්සත් ජතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විමට තීරණය කළ බව යළිත් තහවුරු කළ බවයි.
එමෙන්ම පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් කැඳවන ලෙසට ඔවුන්ගේ ස්ථාවරයේ වෙනසක් නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
The SLMC, ACMC and TPA have all reaffirmed their support towards @RW_UNP and urged the President to convene Parliament immediately.#lka #SriLanka #coupLK
— UNP (@officialunp) November 6, 2018

