හක්මනදී ටිපර් රථයකට යටවූ පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට


හක්මනදී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා සැරයන්වරයන් දෙදෙනෙකු යටකර ටිපර් රථයකින් පළායෑමේ සිදුවීමෙන් අනතුරුව මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

අද අලුයම මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 47ක් වන කිරින්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම අනතුරින් මීට පෙර පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්විය.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර නඩුව අද දිනයේදි යළිත් කැඳවීමට නියමිතය.

මෙම අනතුර 07/13දා සිදුවිය.

 



Recommended Articles