හක්මණ අනතුරින් මියගිය පොලිස් නිලධාරියාගේ තනතුර උසස් කෙරේ


හක්මණ පොලිස් වසමේ කෝංගල මාර්ග බාධකයේදි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු ටිපර් රථ රියදුරෙකු විසින් හප්පා පළා යෑමේ සිද්ධියෙන් එක් නිලධාරියෙකු මිය ගොස් තවත් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලැබිය.

මෙම සිද්ධියෙන් මිය ගිය පොලිස් කොස්තාපල් මාලිත ෂාමෙන් විතාරණ නිලධාරියා මෙම මස (13) වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට පශ්චාත් උසස්විම් පදනම යටතේ වැඩ බලන පොලිස්පතිතුමා විසින් උසස් කර තිබේ.



Recommended Articles