හංවැල්ලේදී ව්‍යාපාරිකයෙක් ඝාතනය කරයි


හංවැල්ල හරස් පාර ආපන ආපනශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු  සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 46ක පුද්ගලයෙකි.

යතුරු පැදියකින් ආ දෙදෙනකු  ආපන ශාලාව තුළදීම මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර බරපතල තුවාල සහිතව ඔහු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. හංවැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



Recommended Articles