හංගේරියානු විදෙස් ඇමති පැමිණෙයි


 හංගේරියානු විදේශ අමාත්‍ය Peter Szijjarto මහතා එක් දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඔහු සමග දූත පිරිස ලෙස තවත් 20 දෙනෙකු ද එම ගුවන් යානයෙන්ම පැමිණියහ. ඔවුන් හංගේරියාවට අයත් ඩබ්ලිව්.ඉසෙඩ්.ඉසෙඩ්.- 504 (W.Z.Z.- 504) දරන විශේෂ ගුවන් යානයෙන් අලුයම 04.42 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය. හංගේරියානු විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සිය ශ්‍රී ලංකා සංචාරය අද දිනම නිමා කර පස්වරු 04.30 ආපසු පිටත්ව යාමට නියමිතය.

 



Recommended Articles