සෞදි අරාබියේ රැදී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට


සෞදි අරාබියේ රැකියා සදහා ගොස් , එහිදී විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි  ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින්  අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

මෙම පිරිස කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගන්නා වැඩසටහන යටතේ මෙසේ රැගෙන විත් තිබුණි .

ඔවුන් අද දින අලුයම 2.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1264 දරන විශේෂ ගුවන් යානයෙන් සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ පැමිණි පිරිස අතර වැඩි දෙනෙකු සෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගොස් සිටි කාන්තාවන් වූහ .

මෙම පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන ක්‍රියාවලිය සදහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි .

 



Recommended Articles