සෞඛ්‍ය රීති කැඩූ ආයතන 1,223කට නඩු පැවරෙයි


මාර්ගෝපදේශ අනුගමනය නොකළ ආයතන පරිපාලකයින් 1,223 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ​ය.

මේ අතර මුහුණු ආවරණ නොපැලදීම් සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධයෙන් ඊයේ (29) දිනය තුළ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles