සෞඛ්‍ය නීති කැඩු ආයතන 473කට නඩු පවරයි


මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් පුද්ගලයන් 9,000කට වැඩි පිරිසකට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ බස්නාහිර පළාතේ ඊයේ (13) සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවටගත්, මුඛ ආවරණ නොපැළඳි පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගත් බවය.

නිරෝධායන නීති ක්‍රියාත්මක නොකළ ආයතන 473කට එරෙහිව ද ඉදිරියේ දී නඩු පවරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.



Recommended Articles