සෞඛ්‍ය නීති උල්ලංඝනය ‌කරමින් ධාවනය කෙරු බස්රථ 9ක් අත්අඩංගුවට


රට විවෘත කළ ඊයේ (01) සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මගීන් වැඩිපුර පටවාගෙන ධාවනය වූ පෞද්ගලික බස්රථ 9ක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප‍්‍රසන්න සංජීව මහතා පැවසීය.

මෙලෙස මගීන් අධික ලෙස පටවාගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ ද කඩකරමින් පැමිණ තිබුණේ කළුතර, අලූත්ගම, මතුගම සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ බස්රථ බව ද හෙතෙම කීය.

 



Recommended Articles