සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා ධුරයේ වැඩ බාර ගනී


මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ අද (11) පස්වරුවේ වැඩ බාර ගන්නා ලදි.

මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුලු නිලධාරින් රැසක් එක්ව සිටියහ.



Recommended Articles