සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් හෙට වැඩ භාර ගැනේ


සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හෙට දින (20) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී  වැඩ භාර ගැනීමට නියමිතය.

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම  අතිරේක ලේකම් වරයෙකු වශයෙනුත්  මින් පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාව පාකිස්තානයේ නියෝජිතයා වශයෙන් ද පත්කර තිබිණි.  

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවාවක් කල එතුමා කීර්තිමත් රාජ්‍ය නිළධාරියෙකි.



Recommended Articles