සෞඛ්‍ය අංශ සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අමතර දිනයක්


සෞඛ්‍ය අංශයේ සේවකයන් වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අමතර දිනයක් වෙන්කර ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

ඒ අනුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සේවකයන්ට මේ අනුව ජුලි 13 දා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව වෙන්කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.



Recommended Articles