සොහොයුරාගේ මරණයේ කම්පාවෙන් සොහොයුරියත් මරණට තවත් හතරක් රෝහලට


හදිසියේ ඇතිවූ පපුවේ අමාරුවකින් මියගිය දෙදරු පියෙකු ගේ මරණයෙන් කම්පාවට පත් ඔහුගේ බාල සොයුරිය මියගොස් , දියණිය සහ පුතා ඇතුළු සිව්දෙනෙකු රෝහල් ගතකර ඇති පුවතක් කළුතර ප්‍රදේශයෙන්  වාර්තාවේ.

පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කල කළුතර, නාගොඩ, බෝපිටියවත්ත, 3 වන පටුමගේ පදිංචිව සිටි අසේල සුරංග සිල්වා නමැති 42 හැවිරිදි දෙදරු පියෙකු පපුවේ අමාරුවකින් ඉකුත්  10 දා මියගොස් ඇති අතර, පසුදින ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් වන අවස්ථාවේ දේහය අසල වැලපෙමින් සිටී ඔහුගේ බාල සොයුරිය වන ෙරංගී දුලංජනී සිල්වා නමැති 31 හැවිරිදි අයද දේහය අසල ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.

ඔවුන්ගේ වියෝවෙන් පසු අසේල සුරංග ගේ දියණිය, පුතා, මස්සිනා සහ නැන්දා කම්පනය හේතුවෙන් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශයකයෙක්  ප්‍රකාශයකයෙක් පැවසීය .

මියගොස් ඇති රංගී දුලංජනී සිල්වා යන අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ කළුතර ශීක්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබුණි .

පානදුර සුමිත් පොතුපිටිය 



Recommended Articles