සොල්හයිම් ලංකාවට එයි


එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 271 දරන ගුවන් යානයෙන් අද දින පස්වරු 02.13 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එරික් සෝල්හයිම් මහතා පසුගිය යුධ සමයේ නෝර්වේ හි සාම නියෝජිතවරයා ලෙස ශ්‍රී ලංකාවට කීප වරක්ම පැමිණ තිබුණි .



Recommended Articles