සොරකම් කර උපයාගත් වත්කම් පවරා ගන්නා පනත 08 වැනිදා ගේනවා


නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගෙන ඇති වත්කම් පවරා ගැනීමේ පනත් කෙටුම්පත එළැඹෙන 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීව.

මාතර, වැලිපිටියේ ඊ​යේ(30දා) පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ආණ්ඩුවක් කොහොමද දූෂිතයන්ට දඬුවම් දෙන්නේ? නීති මදි තව. අපි මේ 08 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරනවා හොරකම් කරලා වත්කම් එකතු කරලා තියෙනවා නම් , වත්කම් යළි අත්පත් කරගැනීමේ නීතියක් සම්මත කරනවා. නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගෙන තිබෙන වත්කම් පවරා ගැනීමේ පනත. 



Recommended Articles