සොජිට්ස් බලාගාරය තාවකාලිකව අක්‍රීය කරයි


ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 160ක ධාරිතාවක් සපයන කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය තාවකාලිකව අක්‍රීය කර ඇතැයි වාර්තා වෙයි.නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම බලාගාරය අක්‍රිය කර තිබේ.  

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන සැපයුම ප්‍රමාණවත් බැවින් හෙට දිනය දක්වා විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකළ යුතු බවට මහජන උපයෝගීතා කොමිසම ඊයේ (25දා) නිර්දේශ ඉදිරිපත් කළේය.



Recommended Articles