සේවා තුනක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්


විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජතෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ. 



Recommended Articles