සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනිම නවති


කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළුව සියලු දිස්ත්‍රික් හා උපකම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීමේ කටයුතු 2021.08.20 දින දක්වා අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ශාඛාවන් හි නිලධාරීන් රැසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවය.

ඒ හේතුවෙන් මෙම තීරණයගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

 



Recommended Articles