සේනා ගැන සොයන්න ආ රුවන්ඩා විද්‍යාඥයින් පිරිස ආපසු යයි


ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති සේනා දළඹුවන් මර්දනය කිරීමට එම වගා බිම් නිරීක්ෂණය කර ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා මෙරටට පැමිණ සිටි රුවන්ඩා ජාතික විද්‍යාඥයන් 06 දෙනා, සිය කාර්යය නිමා කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගියේය.

මෙම විද්‍යාඥයන් පිරිස ඉකුත් 12/31 දින පස්වරු 2.30 ට රුවන්ඩාවේ සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මේ අතර 01/02 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 251 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 11 කින් පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 387 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් මෙම කාල

පරාසය තුළ ගුවන් යානා 14 කින් පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය.



Recommended Articles