නුවරඑළිය ග්‍රෙගරි වැවේ 01/07 දින අනතුරට පත් වී ඇති සෙස්නා ග්‍රෑන්ඩ් කැරවෑන් - 208 ගුවන් යානය , එයින් ගොඩ ගැනීමට අසීරු මට්ටමින් මඩේ එරී ඇති බවත් , ඒ සදහා මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සහාය ලබා ගනිමින් තිබෙන බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරී දමිත් රඹුක්වැල්ල මහතා පැවසීය.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මග පෙන්වීම මත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සදහා "ඇනෙක්ස් - 13" නමින් විශේෂිත පරීක්ෂණ කමිටුවක් ද ස්ථාපිත කර ඇති බව ද දමිත් රඹුක්වැල්ල මහතා පැවසීය .
එසේම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ මග පෙන්වීම් ඔස්සේ මේ වනවිටත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ විමර්ශකයන් පිරිසක් එම ස්ථානයේ රැදී සිටිමින් සිය විමර්ශන සිදු කරමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය .
මෙම ගුවන් යානය ගොඩ ගැනීමෙන් පසු , එය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් මේ පිළිබද පූර්ණ විධිමත් පරීක්ෂණයක් සිදු කර එහි වාර්තාව ජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට ද තම අධිකාරිය පියවර ගන්නා බව දමිත් රඹුක්වැල්ල මහතා පැවසීය .

