සෙවල ප්‍රතිපත්තිවල ඉදගෙන ආසන සංවිධායකකම් කරන්න නොහැකි බව සමගි ජන බලවේගයේ ගාල්ල සංවිධායක බන්දුලලාල් බණ්ඩරිගොඩ මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (24) රාත්‍රී ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදීය.
“පළමුවෙන්ම කියන්න ඕන සමගි ජන බලවේගය පක්ෂයෙන් මා ඉවත් වෙන්නේ නැහැ. පක්ෂය විසින් පළාත් පාලන ආයතනවලට මන්ත්‍රීධූර ලබාදීම සදහා දුන් නිර්නායක පළාත් පාලන ආයතනවලට වෙනස් කරලා. ගාල්ලට දීපු නිර්නායක නෙමෙයි බද්දේගමට තියෙන්නේ.
ගාල්ලේ මම මන්ත්‍රීධූර තෝරගත්තු විදියට නෙමෙයි බද්දේගම මන්ත්‍රීධූර තෝරගෙන තියෙන්නේ. මට කිවුවේ ප්‍රතිශතයට දෙන්න කියලා, නමුත් බද්දේගම දීලා තියෙන්නේ වෙනත් ප්‍රතිශතයකට. එතකොට නිර්නායක දෙකක්. මේ නිසා පක්ෂය වෙනුවෙන් කැපකිරීම් කළ බොහෝ දෙනෙකුට දැඩි අසාධාරණයක් වෙලා තියෙනවා.
මට, ජනතාවට උත්තර දෙන්න වෙලා තියෙනවා. ඉතින් අපි මේ පිළිබදව ඉල්ලීම් කළා, සාධාරණය ඉටු නොවෙනවානම් අකමැත්තෙන් වුණත්, වේදනාවෙන් වුණත්, පක්ෂය හදපු දවසේ ඉදලා පක්ෂයට කැපවීම් කළ අය හැටියට අපට ඉතුරුවෙලා තිබුණේ ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වෙන එක විතරයි.
සෙවල ප්‍රතිපත්තිවල ඉදගෙන ආසන සංවිධායකකම් කරන්න බැහැ.ආසන සංවිධායකමින් මා ඉවත් වුණා. නමුත් එහේට මෙහේට පිල් පැනලා දේශපාලනය කරන්න අදහසක් නැති නිසා සමගි ජන බලවේගයේ තවදුරටත් රැදී ඉන්නවා. සිදුවූ අසාධාරණය සම්බන්ධව පක්ෂයේ මහලේකම්වරයා දැනුම්වත් කළා. නමුත් ලේකම්වරයා මගේ ඉල්ලා අස්වීම භාරගත්තේ නැහැ."
රවීන්ද්‍ර ලියනගේ