සෙට්ටිකුළම ප්‍රදේශයේ සගවා ඇති විශාල බෝම්බ තොගයක් පිළිබද පොලිස් විමර්ශන ආරම්භ වීමත් සමග ඉන්දියාවට පළා ගොස් සිටි ද්‍රවිඩ ජාතිකයන් තිදෙනා එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන 10/29 දින අලුයම එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබියදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් 10/29 දින අලුයම 12.37 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1175 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
මොවුන් අතරින් එක් අයෙකු 30 හැවිරිදි වියේ පසුවන ගාන්ධි නගර්, සෙට්ටිකුළම, වව්නියාව යන ලිපිනයෙහි පදිංචිකරුවෙකි.
අනෙක් පුද්ගලයා තුන් වන කොටස, මැණික් ෆාම්, සෙට්ටිකුළම, වව්නියාව යන ලිපිනයෙහි පදිංච් 27 හැවිරිදි අයෙකි.
තුන් වන සැකකරු අරාලි බටහිර , වඩුකෝට්ටෙයි යන ලිපිනයෙහි පදිංච් 27 හැවිරිදි අයෙකි.
මෙසේ අත් අඩංගුවට ගත් මොවුන් තිදෙනා 10/29 දින අලුයම 04.30 ට පමණ කොළඹ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ දැඩි රැකවල් යටතේ රැගෙන ගොස් තිබේ .

