සූරියවැව කොල්ලයේ කොල්ලකරුවන් යුක්තියේ මෙහෙයුමට බිලි


සූරියවැව ප්‍රදේශයේ පොහොර වෙළඳ සළකින් මුදල් හා රන්බඩු කොල්ලකෑ තිදෙනෙක් වැඩ   බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා දියත් කර ඇති යුක්තිය මෙහෙයුමට හා ඒ මහතා අපරාධකරුවන් ගැන කී සැර කතාවට බියවී  රත්ගම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී  සැකපිට  අත් අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය කියයි.    

මොවුන් සතුව තිබී සූරිය වැව වෙළඳ සලෙන් කොල්ල කෑ බව කියන  මුදල් සහ රන් භාණ්ඩ තොගයක් සහ ගිනි අවි රැසක්ද  අත්  අඩංගුවට ගත් බව   පොලීසිය කියයි. 

සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන  වයස 25,30,42 වියේ  පසුවන මේ සැකකරුවන්   තිදෙනා පසුගිය 13 දා ගිනිඅවි පෙන්වා වෙළඳසලේ සිටි අය බිය ගන්වා  එම මංකොල්ලය සිදුකොට රත්ගම ප්‍රදේශයේ  පිහිටි එක් අයෙකුගේ බිරිදගේ නිවසේ සැගව සිටියදී පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ 18 දා  මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිවු බව පොලිසිය පැවසීය .   

මංකොල්ලයෙන් පසු වැඩබලන පොලිස්පති විසින් දියත් කළ යුක්තිය මෙහෙයුමට හා පොලිස්පතිතුමා අපරාධකරුවන්ට නිවේදනය කළ සැර කතාව අසා බියට පත්ව මෙසේ සැඟවී සිටි බව සැකකරුවන් පැවසී යැයි පොලිසිය කියයි.

 සැකකරුවන් සන්තකයේ තිබූ  රිවෝල්වරයක්,ගල්කටස් වර්ගයේ  ගිනි අවියක් බෝර 12 ගිනි අවියක් සහ බඳින  තුවක්කු තුනක්ද කොල්ලකන ලද රුපියල්  ලක්ෂ 3ක් සහ ලක්ෂ 7 ක් වටිනා රන් මාලයක්ද   අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ජේ. ඉඳුරුවගේ/ සුසිල් ප්‍රියන්ත

 



Recommended Articles