සුළඟ උඩරට දුම්රිය නවත්වයි


පේරාදෙණිය සහ සරසවි උයන අතර දුම්රිය මාර්ගයට විශාල  මාර   ගසක් අද (30) පෙරවරුවේ කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි .

සුලං තත්ත්වයක් සමග මෙසේ දුම්රිය මාර්ගයට විශාල මාර ගස කඩා වැටි ඇති අතර එම ගස ඉවත් කිරිමට කටයුතු සිදු කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය .

මේනිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයද තරමක ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .

ඇල්ල ප්‍රසාද් රුක්මාල්



Recommended Articles