සුළගේ වේගය හෙට දිනයේ ඉහළ යා හැකි බවට අනතුරු අඟවයි


හෙට (18) සිට ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම තත්ත්වය හෙට පස්වරු 02.30 සිට අනිද්දා පස්වරු 02.30 දක්වා කාලය තුළ පවතින බවට අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 ක් දක්වා ඉහළ යා හැකි බවද වාර්තා වේ.

මේ පිළිබඳ ධීවර හා නාවුක ප්‍රජාව ඉතා අවදානයෙන් යුතුව කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 



Recommended Articles