සුළං විදුලි බලාගාරයේ කේබල් සොරාගත් 6ක් අත්අඩංගුවට


මන්නාරම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලාගාරයේ කේබල් සොරකම් කළ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කේබල් සොරකම් කිරීම සම්බන්ධයෙන් ප්‍ර දේශයේ පදිංචිකරුවන් 6 දෙනෙකු සහ එහි පෞද්ගලික ආරක්ෂයෙකු ද අත්අඩංගුවට මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි.

සොරකම් කරන ලද කේබල්වල දිග මීටර් 340 කට ආසන්න බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

සැකකරුවන් අද (10) මන්නාරම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 



Recommended Articles