සුවසැරිය නම- පාට- අංකය වෙනස් කරනවාද? පාර්ලිමේන්තුවේදී අනාවරණයක්


1990 සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේදී කතා බහක් ඇති විය.

ඒ අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර සිටියේ සුවසැරිය පදනම, 1990 අංකය හෝ කොල පාට වර්ණයේ කිසිදු වෙනස්කමක් සිදු නොකරන බවය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - මොනවටද මේ නම වෙනස් කරන්නේ? මොනවටද පාට වෙනස් කරන්නේ? මොන ලැජ්ජ නැති වැඩක්ද? 

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස - සුවසැරිය පදනම හෝ 1990 අංකය හෝ  කොල පාට වර්ණය හෝ කිසිදු වෙනසක් වන්නේ නෑ. 



Recommended Articles